ගම්පහ පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන්ට ඇප: විදෙස් ගමන් තහනමක්!

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කළ, කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පොලිස් නිලධාරීන් හය දෙනෙකුට ඇප ලබාදීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) පියවර ගත්තේය. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර නිලධාරීන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසත්, ඔවුන්ට විදේශගත වීම තහනම් කරන ලෙසත්ය.​මීට පෙර පැවැත්වූ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී, අදාළ පියතුමා විසින් නිලධාරීන් තිදෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඉන් එක් අයෙකු තමන්ට පහර දුන් බවත් අනෙක් දෙදෙනා ඒ අසල සිටි බවත් ප්‍රකාශ කර තිබුණි. සෙසු නිලධාරීන් සිද්ධිය වූ අවස්ථාවේ ඒ අවට රැඳී සිටි බවට හඳුනාගෙන ඇත. මෙම නඩුව නැවත අප්‍රේල් මස 30 වනදා කැඳවීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *