ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ ප්‍රවාහන සේවා..

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක වෙයි.

මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් විශේෂ බස් සේවා ක්‍රියාත්මකයි.

මාකුඹුර, කඩවත, කඩුවෙල හා බැස්ටියන් මාවත කේන්ද්‍රකර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම යන ප්‍රදේශ සඳහා  අතිරේක බස් රථ යොදවා තිබේ.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවද සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා ආරම්භ කර තිබේ.

ඒ යටතේ බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර 40 ක් ක්‍රියාත්මක වනු ඇති.

මීට අමතරව යාල්  දේවී හා රජරට රැජිණ දුම්රිය වල මැදිරි සංඛ්‍යාවද වැඩි කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 692

Leave A Reply

Your email address will not be published. Required fields are marked *