සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් (13) ක්‍රියාත්මක වේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ටී. එච් .ආර් .ටී .චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, අවශ්‍යතාව මත අතිරේක බස් රථ ධාවනයට ද සැලසුම් කර ඇති බවයි.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අදත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.
ඒ යටතේ බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර 40 ක් ක්‍රියාත්මක වනු ඇති.
ඊට අමතරව යාල් දේවී හා රජරට රැජිණ දුම්රියවල මැදිරි සංඛ්‍යාව ද වැඩි කර තිබේ.