ගල්අඟුරු හිඟයෙන් රට යළිත් අඳුරට? විදුලි ගාස්තු ඉහළ යාමේ අවදානමක්!

ගල්අඟුරු නැව් පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් ලබන ජූලි මස අග සිට සැප්තැම්බර් මැද දක්වා ශ්‍රී ලංකාව දැඩි විදුලි අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (15) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. මෙම තත්ත්වය හමුවේ රට පුරා විදුලි කප්පාදුවක් සිදු වීමට හෝ විදුලි ඒකකයක මිල රුපියල් 90 දක්වා ඉහළ දමා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට රජයට සිදුවනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.​ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දැනට පවතින ගල්අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ මේ වසරේ දින 212කට පමණක් වන අතර, එම කාලය ජූලි 31 වැනිදායින් අවසන් වන බවයි. නිරිතදිග මෝසම් බලපෑම හේතුවෙන් සැප්තැම්බර් මැද දක්වා ගල්අඟුරු ගොඩබෑමට නොහැකි වීම නිසා නොරොච්චෝල බලාගාරය මාස එකහමාරක කාලයක් අක්‍රිය වනු ඇති බවද ඔහු පැවසීය. එමෙන්ම බාල ගල්අඟුරු ආනයනය නිසා සිදුවූ පාඩුව විදුලි ගාස්තු වැඩි කිරීම හරහා ජනතාවගෙන් පියවා ගැනීමට රජය උත්සාහ කරන බවටද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *