ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වනවිට අවපීඩනයක් දක්වා වර්ධනය වී ඇති අතර එය 5.9°N අක්ෂාංශයේ සහ 82.6°E දේශාංශයේ, මඩකලපුවට කිලෝමීටර 210ක් පමණ ගිනිකොන දෙසින් කේන්ද්‍රගත වී ඇත. මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළදී උතුරු-වයඹ දෙසට ගමන් කර ගැඹුරු අවපීඩනයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය සහ තද සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වලාකුළු සහිත අහසක් අපේක්ෂා කළ හැකි අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු-මැද, වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 200ට වැඩි ඉතා අධික වර්ෂාපතනයක් ද, උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර පළාත්වල සහ ගාල්ල, මාතර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි වර්ෂාපතනයක් ද ඇතිවීමට ඉඩ ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර (60-70) ක පමණ ඉතා තද සුළං ඇතිවිය හැකි බැවින්, මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අධික වර්ෂාපතනයෙන් හා තද සුළඟින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂාවන් ගන්නා ලෙසයි. මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන අනාගත උපදෙස් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

























