ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනයට පොලීසියෙන් පංච පුද්ගල කමිටුවක්…

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනයට පොලීසියෙන් පංච පුද්ගල කමිටුවක්…

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා ප්‍රධානත්වය දරණ එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ,  නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල සහ යාන්ත්‍රික ඉංජිනේරු කේ.කේ.කාහිංගල යන මහත්වරුන් ය.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කර, නිරීක්ෂණ හා නිදේශ සහිත වාර්තාවක් ලබන 30 වැනිදට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා එම කමිටුව වෙත දැනුම්දී තිබේ.

කොත්මලේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේදී පෙරේදා සිදුවු බස් රථ අනතුරින් පුද්ගලයින් 22 දෙනෙකු මියගිය ගොස් තවත් 54 දෙනෙකු තුවාල ලැබා ඇත.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *