ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව, අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ඇතුළු ප්‍රධාන ආහාර වේලක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ගෑස් මිල සංශෝධනය හමුවේ ආපනශාලා පවත්වාගෙන යාමේ පිරිවැය ඉහළ යාම මෙම තීරණයට ප්‍රධාන හේතුව වූ බවයි.කෙසේ වෙතත්, වෙළඳපොළේ පොල්තෙල් මිල පහළ යාම සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට යම් සහනයක් ලබාදීමට ද එම සංගමය පියවර ගෙන ඇත. ඒ අනුව විවිධ කෙටි කෑම වර්ගවල (Short eats) මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. ප්‍රධාන ආහාර වේල් මිල ඉහළ ගියද, තෙල් මිල අඩුවීමේ වාසිය මෙලෙස කෙටි කෑම පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.





















