ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරන්නේ මෙරට ගෑස් අවශ්‍යතාවය අඛණ්ඩව සපුරාලීම සඳහා සෑම දින තුනකට වරක්ම ගෑස් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට කටයුතු යොදා ඇති බවයි. මේ වන විට මාලදිවයිනේ පිහිටි ගබඩා සංකීර්ණවල ප්‍රමාණවත් ගෑස් තොග රඳවා ඇති බැවින්, අප්‍රේල් මස අවසානය දක්වා දේශීය පරිභෝජනයට අවශ්‍ය සැපයුම කිසිදු බාධාවකින් තොරව ලබා දිය හැකි බව එම සමාගම තහවුරු කරයි.ඒ අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙට්‍රික් ටොන් 88,000ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් හෙට දින මාලදිවයිනට ළඟා වීමට නියමිත අතර, තවත් එවැනිම ධාරිතාවයකින් යුත් නෞකාවක් අප්‍රේල් 20 වන දින පැමිණීමට නියමිතව ඇත. මෙරට ගෑස් අවශ්‍යතාවය හිඟයකින් තොරව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
























