ගුරුව‍රියක් සිසුවෙක් එක්ක නිරුවතින් වාහනයේ ඉඳලා

අමෙරිකාවේ විවාහක ගුරුවරියක් නෙබ්‍රස්කාහිදී නව යොවුන් වියේ පිරිමි ළමයෙකු සමඟ මෝටර් රථයක පිටුපස නිරුවතින් සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ ෂෙරිෆ්ගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයකට අනුව, අප්‍රේල් 13 වන දින අලුයම 3ට පමණ බෙනින්ටන් අසල මාර්ගයක සැක කටයුතු වාහනයක් නවතා තිබූ බවට ලැබුණු වාර්තාවකට පොලිසිය ප්‍රතිචාර දක්වමින් කළ සොයා බැලීමකදියි මෙම දෙපළ හසුවී ඇති බවයි සඳහන් වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි එරින් වෝඩ් නැමැති ගුරුවරියක් සහ 17 හැවිරිදි පිරිමි ළමයෙක්.

ඒ අනුව අදාළ ගුරුවරියට බාල වයස්කරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම වැටලීමේදී 17 හැවිරිදි සිසුවා නිරුවතින්ම කාරය පදවා ගෙන පැන යාමට උත්සාහ දරා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *