ගුවන් සමාගම්වලින් අයවිය යුතු බිලියන ගණනක මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර  

නව ගුවන් සේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත්, ගුවන් නියමුවන් පුහුණු කාර්යයන් සහ ලියාපදිංචිකිරීම්  පුළුල් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ වරාය හා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා (25) සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ කළ ව්ශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම, 2028 වන විට මිලියන 12ක ගුවන් මඟීන් ගෙන්වාගැනීමටත්, විවිධ ගුවන් සමාගම්වලින් මෙරටට අයවිය යුතු බිලියන ගණක මුදල් හැකි ඉක්මනින් අය කරගැනීමටත් අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට අමාත්‍යවරයා මෙහි දී උපදෙස් දෙන ලබා දී තිබේ.

මේ අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ හාචාර්ය කපිල පෙරේරා, සිවිල් ගුවන්සේවා අධිකාරි, අධ්‍යක්ෂ ජනරාල්, සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 569

Leave A Reply

Your email address will not be published. Required fields are marked *