චීනයෙන් උපකරණ සහිත පාසල් බෑග් 5000ක ප්‍රදානයක්

මෙරට ප්‍රාථමික අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනම (CFRD) ” සහ අලිබාබා සමාගමේ අනුග්‍රහයෙන් panda pack ව්‍යාපෘතිය යටතේ පාසල් උපකරණ සහිත පාසල් බෑග් 5000 ක් “ජනවාරි 7 වන දින අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී ප්‍රදානය කළේය.

      ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොග් ( Qi Zenhong ) මහතා විසින් අදාළ පාසල් බෑග් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා වෙත සංකේතවත්ව ප්‍රදානය කෙරිණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනමේ සහකාර අධ්‍යක්ෂ Zou Zhiqiang මහත්මිය ද සහභාගී විය.

What's your reaction?

Related Posts

1 of 482

Leave A Reply

Your email address will not be published. Required fields are marked *