චීනය සංචාරය නිමකළ අගමැති යළි දිවයිනට

චීනයේ දින පහක නිල සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යු. 231 දරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පින් සහ එරට අග්‍රාමාත්‍ය ලී චියැං ඇතුලු රාජ්‍ය නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.

ඒ අනුව චීනය සහ ශ්‍රී ලංකාව අතර වැදගත් ගිවිසුම් රාශියක් මෙම සංචාරයේදී අත්සන් තැබුණු අතර, චීනය මෙරටට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද සාකච්ඡා පවත්වා තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *