චීන විදේශ ඇමති සහ විජිත හේරත් අතර විශේෂ හමුවක්

​ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) මහතා සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් අද (12) පෙරවරුවේ පැවැත්විණි. මෙම සංචාරය අතරතුර දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අමාත්‍යවරුන් දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. මෙම හමුව ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල නව සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 938

Leave A Reply

Your email address will not be published. Required fields are marked *