ජනතාවගේ සල්ලි වලින් හිටපු ජනපතිවරු රට සවාරි ගිය හැටි මෙන්න

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද(27) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී විශේෂ අනාවරණයක් සිදුකළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙලෙස අනාවරණය කළාය.

2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572

2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384 

2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126

2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533

2024 සැප්‍තැම්බර් සිට 2025  පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8

2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

What's your reaction?

Related Posts

1 of 577

Leave A Reply

Your email address will not be published. Required fields are marked *