ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) සහ හෙට (16) මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් නිල වැඩසටහන් මාලාවකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව, අද පස්වරු 2.00 ට යාපනය වේලනෙයි අයියනාර් කෝවිල් පරිශ්‍රයේ පැවැත්වෙන උතුරු පළාත් රාජ්‍ය තෛපොංගල් උළෙලට ජනාධිපතිවරයා එක්වන අතර, යාපනය සංචාරක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන තෛපොංගල් සැමරුම් උත්සවයකටද එතුමා සහභාගී වනු ඇත.මේ අතර, යුද්ධයෙන් අවතැන් වූ උතුරු නැගෙනහිර පවුල් සඳහා ඉදිකරන නිවාස 2,500ක් ද ඇතුළුව දිවයින පුරා නිවාස 31,218ක් ඉදිකිරීමේ “හිමිකම ඇති තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන හෙට (16) චාවකච්චේරි වීරසිංහම් ප්‍රාථමික විද්‍යාල ක්‍රීඩාංගණයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. එදිනම යාපනය තාක්ෂණික විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන “එක්ව පෙනී සිටින ජාතියක්” මත්ද්‍රව්‍ය විරෝධී ජාතික වැඩසටහනේ උතුරු පළාත් සමුළුවටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව ඇත.


























