”රටම එකට” මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සහභාගී වීම සඳහා නුවරඑළිය බලා ගමන් කරමින් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද තලවකැලේ මට්ටකැලේ වතුයායේ කෙටි විරාමයක් නතර වී එහි වතු කම්කරුවන් සහ ප්‍රජා නියෝජිතයන් හමු විය. එහිදී ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් එම ජනතාවගේ තොරතුරු විමසා බැලුවේය.


























