ජනපති කැඳවූ පක්ෂ නායක හමුව අවසන්

අමෙරිකාවේ බදු සංශෝධනය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැවැත් වූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් වු බව  ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී අද (10) පැවැත්විණි. ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ මෙම කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *