ජනපති මැයි 3 වියට්නාමයට

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කරගනිමින් ජනාධිපතිවරයා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

මේ අතර වියට්නාමයේ දී ජනාධිපතිවරයා විසින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත වනවා.

එම යෝජනා ඊයේ (28) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ බව ද අමාත්‍යවරයා පැවසුවා. 

What's your reaction?

Related Posts

1 of 779

Leave A Reply

Your email address will not be published. Required fields are marked *