ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අරමුදලේ පාලක සභාව අද (පෙබරවාරි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් විය. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙකුගෙන් මෙම පාලක සභාව සමන්විත වන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව අද පැවැති මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, ජනාධිපති අරමුදලේ ලේකම් රොෂාන් ගමගේ, මහාචාර්ය ජේ. ආර්. පී. ජයකොඩි සහ හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්න යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,007

Leave A Reply

Your email address will not be published. Required fields are marked *