ජන අරගල වියාපාරය මාද්‍ය හමුව

නුවන් බෝපගේ

ත්‍රස්තවාදී පනත ඉදිරියටත් ක්‍රියාත්මක බව මේ ආණ්ඩුව පවසනවා එය වෙනස් වෙන්නේ නැ කියලා

හිජාස් හිස්බුල්ලා වසන්ත මුදලිගේ පවා රදාවාගෙන හිටියේ මේ පනත යටතේ

මේ ආණ්ඩුව බලයට එන්න මේ පනතට එරෙහි මතය බලපෑවා ඒ මතය නියෝජනය කරන ජනතාව මේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියා

දැන් විදේශ රටවල ඉන්න තානාපති නිකධාරීන් කැදවල තියෙනවා ඒක හොදයි නමුත් අරුන්දිකගේ බිරිද ගෙන්වනවා මිලින්ද මොරගොඩ ගෙන්නන්නේ නැ ඉන්දියාවේ උවමනාවද

විදුලි බලාගාර සම්බන්දයෙන් අදානි පිළිබද ඒ වියපෘති අහෝසි කිරීම ගැන කතා කරන්නේ නැ

වෙනසක් කරන්න ඕන දේවල් පිළිබද ආණ්ඩුව වික්‍රමසිංහ තීරණම වෙන විදියකටම කරනව
ජනතාව බලපොරොත්තු උණු වෙනස මේක නෙවෙයි

සජිත් නාම යෝජනා දීලා තියෙනවා චරිත් අබේසිංහට ඔහු එංගලන්තයේ සිටින කාලේ මුදල් විසුද්දී කරන හා මත්ද්‍රව්‍ය සම්බනදයෙන් වසර හතරක් හිරේ ඉදලා තියෙනවා

සජිත් දරුවන් වෙනුවෙන් සුහුරු පන්ති කාමර හදන ගමන් හිරේ ගිය අයට නාම යෝජනා දෙනවා මේ අය විපක්ෂයට සුදුසු නැ

හරිනම් සියලු දෙනා අපේක්ෂක කමින් ඉවත් වෙන්න ඕන මේ වගේ අයට නාම යෝජනා දෙනවනම්

ඒ නිසා අපි කියන්නේ ජනතාව මේ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් වෙනුවෙන් කටයුතු කල යුතුයි

රාජ් කුමාර් රජිව් කාන්ත්
දෙමළ බසින්

ස්වස්තිකා ආරුලිංගම්
ඉංග්‍රීසි බසින්

තරිඳු උඩුවර ගෙදර

වසර 15 රැදවුම් නියෝග මත පුද්ගලයින් අපේ රටේ රදාවාගෙන ඉදලා තියෙනවා
ඒ පවුල් වල අය ඔබ ජනාධිපති කරන්න චන්දය දෙන්න ඇති

රැදවුම් නියෝග නිසා පිඩා විදපූ පවුල් වල සාමාජිකයන් ඔබට චන්දය දෙන්න ඇති ඔවුන් සිතන්න ඇති ඔබ ඒ ත්‍රස්ත වාදී පනත අහෝසි කරයි කියලා

මහේස්ත්‍රාත් වරයෙක්ට පුළුවන් නියෝග දෙන්න රැදවුම් නියෝග සදහා එය ඔබ අත්සන් කරන්න අවශ්‍ය නැ

මාර්ග ගත පනත තියෙනවා ඔබ ඉදිරියේ පාර්ලිමේන්තුවෙ මර්දනකාරී පනතක් එය සංශෝධනය කරනව කියලා ඔබේ නීති උපදේශක කියනවා ත්‍රස්තවාදී පනත ඉදිරියටත් ක්‍රියාත්මකයි කියලා

ඔබේ සාමාජිකයන් පාරට ආවා එදා ත්‍රස්ත විරෝදී පනතට එරෙහිව අද මොනවද සංශෝධන කරලා ඔබ ඉතුරු කරගන්න හදන්නේ

මහර බන්ධනගාර රැදවියන් ඝාතන නඩුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා අස්වෙලා තියෙනවා STF එක නිසා ඉවත් වෙලා තියෙන්නේ ඔබ එදා හිටියේ නැ නමුත් අද මේ පිළිබද මොකද කරන්නේ

අහුන්ගල්ලේ ඝාතනයක් සම්බන්ධයෙන් stf එකට චෝදනා එල්ල වෙනවා ඒ පිළිබද කතා කරන අපේ ජිවිත වලට තර්ජන තියෙනවා

ඔබ ජනාධිපති ඔබ ඉන්දියාවට stf එකට රෝ එකට ඕන විදියට වැඩ කරන්න නෙවෙයි මේ උගුල් වලට හසුවෙන්න එපා කියලා අපි ඔබෙන් ඉල්ලනවා

මෙවැනි තීරණ වලින් ජනතාව ඔබ කෙරෙහි තැබූ විශ්වාසය අහිමි වෙනවා එබැවින් මෙවැනි කාරනා පිළිබද නැවතත් සලකා බැලිය යුතුයි

ධර්මසිරි ලංකාපේළි

මානව හිමිකම් සංවිධාන පවා මේ ත්‍රස්ත පනතට එරෙහිව ප්‍රකාශ නිකුත් කරා පසුව එවකට ආණ්ඩුව ප්‍රති ත්‍රස්ත පනත කියලා නම් කරා

නමුත් මේ පනත මේ ආණ්ඩුව අහෝසි කරයි කියලා ඔබ නියෝජනය කරපු දේශපාලන ක්‍රියාකාරින් හිතුවා

ජාතික ජන බලවේගය මේ පනත ගැන නොදන්නවා උනාට ජනතා විමුක්ති පෙරමුණ මේ පනත මොකක්ද කියලා දන්නවා ඔබේ සාමාජිකයන් සිය ගණනක් මේ පනත නිසා කුරිරු වද බන්දන වලට ගොදුරු උනා

වසන්ත මුදලිගේ ගල්වැව සිරි ධම්ම හිමියන්ට නිදොස් කොට නිදහස් කරා ඔවුන්ට සිදු වුනු අසාදාරනයට මේ ආණ්ඩුවට පෙනී ඉන්න පුළුවන් ද

රනිල් මහින්ද ගෝටාභය පාලනයමද මේ ක්‍රියාත්මක වෙන්නේ මේ අනිතික පනත් වලට ජනරගල ව්‍යාපාරය හැටියට අපි විරෝධය පළ කරනවා

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *