ජපාන – ශ්‍රී ලංකා මිතුදම අලුත් වන ජපානයේ ජාතික පදනම් දිනය!

ජපානයේ ජාතික පදනම් සැමරුම් දිනය හෙවත් ‘කෙන්කොකු-කිනෙන්-නො-හි’ (Kenkoku-Kinen-no-Hi) අදට (11) යෙදී තිබේ. ක්‍රිස්තු පූර්ව 660 දී ජපානයේ පළමු අධිරාජයා වන ජිම්මු අධිරාජයාගේ අභිෂේකයට සමගාමීව එරට ජාතික පදනම අනුස්මරණය කරමින් මෙම දිනය වාර්ෂිකව සමරනු ලබයි. මෙම විශේෂ අවස්ථාව නිමිත්තෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත උණුසුම් සුබපැතුම් සහ සුබ අභිලාෂයන් පිරිනමා ඇති අතර, මෙය ජපානයේ පොහොසත් ඉතිහාසය, නොපසුබට වීර්යය මෙන්ම ශතවර්ෂ ගණනාවක් පුරා එරට හැඩගැස්වූ අගයයන් සහ සම්ප්‍රදායන් පිළිබඳව ආවර්ජනය කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙසද සැලකේ. මෙම සැමරුම හරහා ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 607

Leave A Reply

Your email address will not be published. Required fields are marked *