ජ’පුර නවක වධය උග්‍ර අතට හැරෙයි. – අමානුෂික වද බන්ධන. – එක සිසුවෙක් දරුණු අක්ෂි තැලීමකට ලක්වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ නවක සිසුන් මේ දිනවල ඉතා අමානුෂික නවක වධයකට මුහුණ දී සිටින බව වාර්තා වී තිබෙනවා.

ඒ, අනුව කළමනාකරණ පීඨය විසින් මේ නවක වධයට පිළියමක් ලෙස නේවාසිකාගාරයක් නවක සිසුන් වෙනුවෙන් ලබා දුන්න ද එම නේවාසිකාගාරයට නවක සිසුන්ට ඇතුළු වීමට ඉඩ නොදී බලහත්කාරයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් සිටින නේවාසිකාගාරයක ඔවුන් රඳවාගෙන සිටින බව සඳහන්.

එමෙන්ම ශාස්ත්‍ර පීඨයේ පළමු වසර සිසුන්ගේ නේවාසිකාගාරය වසා දමා ජ්‍යෙෂ්ඨ සිසුන් සිටින නේවාසිකාගාරයට ඔවුන් අනුයුක්ත කරන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් කරමින් සිටින බව ද වාර්තා වෙනවා.

මේ වන විට නවක වධ සිද්ධියක් හේතුවෙන් ඇති වූ ගැටුමකින් නවක සිසුවකුට පහරදීමෙන් ඔහු දරුණු අක්ෂි තැලීමකට ලක්ව කළුබෝවිල රෝහලින් ප්‍රතිකාර ලබා ඇති බව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක් පවසනවා.

එලෙස අමානුෂික නවක වධය ගැන ජයවර්ධනපුර සරසවියේ බොහෝ ආචාර්යවරුන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ද සඳහන්.

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *