ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය. ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය, රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳවද කරුණු සාකච්ඡා කළාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මෙනවිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ, මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය පී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ලසිත ආර්.සී. පත්බේරිය, ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ සඳහා සම්බන්ධතා නිලධාරි අමිල ජේ. විජයවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂ (ද්විපාර්ශ්වික) ලෂිංකා දම්මුල්ලගේ, සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත බණ්ඩාර යන මහත්ම මහත්මින්ද මෙම හමුවට එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *