ජාතික ලේඛනාගාරයේ හදිසි ඉල්ලීම: ජලයෙන් හානි වූ වාර්තා සුරැකීමට ශීතකරණ පහසුකම් අවශ්‍යයි

රට පුරා මෑතකදී ඇති වූ ජල ගැලීම්වලින් ජලයෙන් හානි වූ මහජන වාර්තා දහස් ගණනක් ආරක්ෂා කර ගැනීම සඳහා ශීතකරණ (Freezer) පහසුකම් ලබා දෙන ලෙස ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව හදිසි ඉල්ලීමක් නිකුත් කර ඇත. ආයතනය විසින් නිකුත් කරන ලද මහජන නිවේදනයකින් අනතුරු අඟවා ඇත්තේ, අධිකරණ වාර්තා, ඔප්පු, ඉඩම් ලියාපදිංචි කිරීම්, මූල්‍ය ලිපිගොනු සහ පුද්ගල වාර්තා ඇතුළු අතිශයින් වටිනා ලේඛන ඝන මීටර් සිය ගණනක්, වහාම ශීත කිරීම සිදු නොකළහොත්, දිලීර (mould) හේතුවෙන් සදහටම විනාශ වීමේ අවදානමක පවතින බවයි. නිසි සංරක්ෂණ ප්‍රතිකාර ලබා දෙන තෙක් තවදුරටත් හානි වීම නැවැත්වීමට ශීත කිරීම අත්‍යවශ්‍ය හදිසි පියවරක් බව ලේඛනාගාරය පවසයි. මෙම මැදිහත්වීමකින් තොරව, නීතිමය අයිතිය, පුරවැසිභාවය, විශ්‍රාම වැටුප්, විගණන සහ ඓතිහාසික සාක්ෂි සඳහා බලපාන වැදගත් ලේඛන රටට අහිමි විය හැකි බවට දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. එම ආයතනය, කිසිදු වියදමකින් තොරව පහසුකම් සැපයීමට හැකි පුද්ගලික සංවිධාන, ව්‍යාපාර සහ පුද්ගලයන්ගෙන් තාවකාලික ශීතකරණ ඉඩකඩ ඉල්ලා සිටියි. එම ලේඛන විශාල වශයෙන් ශීත කළ යුතු අතර, ජංගම ශීතකරණ ඒකක (mobile freezer units) සඳහා ද ලේඛනාගාරය ආයාචනා කරයි. එම නිවේදනය මෙසේ ද සඳහන් කරයි: “ශීත කිරීමේ ධාරිතාවකින් තොරව ගෙවෙන සෑම පැයක්ම දිලීර හේතුවෙන් තවත් වාර්තා අහිමි වීමක් අදහස් කරයි. ප්‍රමාද වන සෑම දිනක්ම, තම නිවාස, පුරවැසිභාවය, අයිතිවාසිකම් පිළිබඳ සාක්ෂි නොමැතිව තවත් පවුල් රැසක් ඇතිවීම අදහස් කරයි.”

What's your reaction?

Related Posts

1 of 891

Leave A Reply

Your email address will not be published. Required fields are marked *