ජාතික සුරක්ෂිත දිනය ජාතික උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ හා ආරක්ෂක ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35,000 කට අධික පිරිසක් මිය ගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපළ ද විනාශ විය. එබැවින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ” ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එදින සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදා වලට ගොදුරුවීමෙන් මිය ගිය පුරවැසියන් සිහිපත් කිරීමට කටයුතු කරන මෙන් 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් දන්වා ඇත. ඒ අනුව 2005 වසරේ සිට 2014 වසර දක්වා ජාතික සුරක්ෂිත දිනය අඛණ්ඩව ජාතික උත්සවයක් ලෙස සැමරීම සිදු කරන ලදි

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *