ජාතික හැඳුනුම්පත් තොරතුරු ලබා නොගත් සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයන්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකි බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

එම සිසුන්ට හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳහා පමණක් අද උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා කාර්යාලය විවෘත කර තබන බවයි.

මේ සඳහා බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල දහවල් 12.30 දක්වා විවෘත කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ අදාළ ලිපිය http://www.drp.gov.lk දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස බාගත කිරීමටද අවස්ථාව ලබා දී තබේ. එම නිවේදනය පහත දැක් වේ

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *