ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මියගේ සේවා කාලය අවසන් වීම, වසර හතරක “ශාපයක” නිමාව ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හඳුන්වා දුන්නේය. අද මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ ඇය මෙරටට ශාපයක් වූ බවත්, ඇයගේ නික්මයාම කිරිබත් පිස සැමරිය යුතු බවත්ය. “ජුලී චංග් අදින් ඇගේ සේවා කාලය අවසන් කරනවා. මෙය මුළු රටම බෙර ගසා කිරිබත් පිස සැමරිය යුතු අවස්ථාවක්,” යැයි පැවසූ ගම්මන්පිල මහතා, සංකේතාත්මකව කිරිබත් කැබැල්ලක් අනුභව කරමින් එම සැමරුම ආරම්භ කළේය.


























