ටෙස්ලා සහ ටාටා ගිවිසුම් ගතවෙයි

එලෝන් මස්ක්ගේ සුප්‍රකට ටෙස්ලා සමාගම, ඉන්දීය ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගම සමග අර්ධ සන්නායක චිප මිලදී ගැනීම සඳහා වන උපාය මාර්ගික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ටෙස්ලා මේ වනවිට ලොව ප්‍රමුඛතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා ලෙසයි සැළකෙන්නේ.

වේගයෙන් වර්ධනය වන මෝටර් රථ වෙළඳපලක් සහිත ඉන්දියාව සමඟ ඔවුන් ගිවිසුම් ගතවීම ඉන්දියාවේ ආයෝජන ක්‍ෂේත්‍රයටද පහසුකම් රැසක් ඇති කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාව තුළ ඉදිරි ව්‍යාපාර සඳහා ටෙස්ලා සමාගම ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් වෙන් කර ඇති අතර, ගුජරාට සහ මහරාෂ්ඨ ප්‍රාන්ත ඇතුලු ස්ථාන කිහිපයක බලාගාර සඳහා ගවේෂණ සිදුකරමින් සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *