ඩ්‍රෝන යානය ගැන හෙළිවූ තොරතුරු මෙන්න

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරට කිසිදු බලපෑමක් නොමැති බව හෙළිවී තිබෙනවා ඩ්‍රෝන යානය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පත් කළ කමිටුව එහි අවසන් වාර්තාව ගුවන් හමුදාපතිවරයාට භාර දුන්නා.පරික්ෂණ වාර්තාවට අනුව හෙළි වී ඇත්තේ ඩ්‍රෝන යානයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් සිදු වී නැති බවයි.මෙය ඉන්දීය සමාගමකට අයත් එකක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එසේම පුහුනුවීම් සදහා යොදා ගත් එකක් බවද හෙළි වුණා.පසුගිය 27 වනදා ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී ඩ්‍රෝන යානය හමුවී ඇත්තේ ධීවරයන් පිරිසකටයි.ඒ ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 59 ක් දුර මුහුදු ප්‍රදේශයකදීයී.යානය සති දෙකකට ආසන්න කාලයක් මුහුදේ තිබී ඇති බව පරික්ෂණ කමිටු වාර්තාව පෙන්වා දෙනවා.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *