ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 9 දෙනෙකු පොලිස් භාරයට…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ප්‍රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් මහතා ඝාතනය සම්බන්ධයෙන් 09  දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් ඇති බවයි.

සැකකරුවන් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය සහ බස්නාහිර  පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදු කරයි.

කොලොන්නාව සාලමුල්ල ලක්සද සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී ඩෑන් ප්‍රියසාද්ට පසුගිය 22 වැනිදා වෙඩි ප්‍රහාරයක් එල්ලවිය.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

පොලීසිය සැක කරන්නේ මෙය පුද්ගලික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් විය හැකි බවයි.

කෙසේවෙතත් මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පිය පුතු දෙපලකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

පොලීසිය පවසන්නේ එම සැකකරුවන් මෙම ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි. 

What's your reaction?

Related Posts

1 of 714

Leave A Reply

Your email address will not be published. Required fields are marked *