ඩුබායි සිට රුපියල් ලක්ෂ 3කට අධික විදෙස් සිගරට් තොගයක් ගෙනා ව්‍යාපාරිකාව කටුනායකදී අත්අඩංගුවට!

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ විදේශීය සිගරට් තොගයක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද උදෑසන ඩුබායි සිට පැමිණි ඇය, ප්‍රකාශ කළ යුතු භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කළ අවස්ථාවේදී රේගු නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී මෙම නීතිවිරෝධී භාණ්ඩ තොගය සොයාගෙන තිබේ.​අත්අඩංගුවට ගත් සැකකාරිය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ව්‍යාපාරිකාවකි. ඇය අද අලුයම 12.45 ට පමණ ඩුබායි සිට ‘ෆ්ලයි ඩුබායි’ (Fly Dubai) ගුවන් සේවයට අයත් FZ-569 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත. ඇයගේ ගමන් මල්ලේ සඟවා තිබූ රුපියල් 354,000 ක් පමණ වටිනා “ප්ලැටිනම්” (Platinum) වර්ගයේ සිගරට් කාටූන් 118 ක් සහ සිගරට් 23,600 ක් එහිදී රේගු භාරයට ගෙන ඇත. ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් සිගරට් තොගය රාජසන්තක කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 896

Leave A Reply

Your email address will not be published. Required fields are marked *