තලාහේන ප්‍රදේශයේදී මාලබේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු කොටු කර ගැනීමට සමත්ව තිබේ. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී, නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි මත්පැන් ලීටර් 86 ක්, එනම් බෝතල් 115 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තලාහේන ප්‍රදේශයේම පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි. උත්සව සමයට සමගාමීව ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඩලීමේ අරමුණින් මෙම වැටලීම් සිදුකර ඇති අතර, අදාළ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මාලබේ පොලිසිය විසින් දැනටමත් ආරම්භ කර තිබේ.






















