මෙම තරගාවලිය ලෝකයේ රටවල් 16 ක් නියෝජනය කරමින් පැමිණි තරගකරුවන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 01/24 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි .
ඇන්ජලා විමලසූරිය කොළඹ , හැව්ලොක් පෙදෙසේ පදිංචි අතර ඇය සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි .
ඇන්ජලා මෙම ජයග්‍රහණය ද රැගෙන 01/26 දින දහවල් 11.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය පිළිගැනීමට ඇයගේ පුහුණුකාරිනිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .