මෙරටට සියයට 44ක තීරු බදු පැනවීමේ අමෙරිකානු ජනපතිගේ තීරණය සම්බන්ධයෙන් එරට වෙළඳ අධිකාරිය සමග සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුව විසින් ආදාළ සාකච්ඡා පවත්වා ඇති බවයි.
මේ අතර ගැටලුව සම්බන්ධ පැහිදිලි කිරීම් සඳහා මුදල් අමාත්‍යංශය විසින් තවත් ලිපියක් අමෙරිකාවට යොමු කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
කෙසේ වෙතත් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා රටවල් 60කට පැනවූ අනෝන්‍ය ගැලපුම් තීරු බදු දින 90ක කාලයකට මේ වන විට අත්හිටුවා තිබේ.