දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන්න – දුමින්ද දිසානායකගෙන් රජයට යෝජනාවක්

දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ සමාජීය හැසිරීම් කෙරෙහි එල්ල වන අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින්, මෙරට දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රජයෙන් ඉල්ලා සිටියි. වර්තමානයේ පවුලේ සාමාජිකයන් එකට ආහාර ගන්නා අවස්ථාවලදී හෝ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන විට පවා පුද්ගලයන් එකිනෙකා සමඟ කතාබස් නොකර තම ජංගම දුරකථන වෙතම අවධානය යොමු කර සිටින බවත්, මෙම තත්ත්වය දරුවන්ගේ මානසික වර්ධනයට දැඩි ලෙස හානිකර බවත් ඒ මහතා පෙන්වා දෙයි.​දියුණු රටවල් පවා මේ වන විට බාලවයස්කාර දරුවන්ගේ තිර කාලය (Screen time) සීමා කිරීම සඳහා නීති රීති හඳුන්වා දෙමින් පවතින බව පවසන දිසානායක මහතා, දරුවන් මෙම වේදිකා අනිසි ලෙස භාවිතා කළ අවස්ථා රැසක් වාර්තා වී ඇති බව අවධාරණය කළේය. එබැවින් පක්ෂයක් ලෙස තමන් දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට යෝජනා කරන බවත්, මේ සම්බන්ධයෙන් නිවැරදි පියවරක් ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *