දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුව අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අද උදෑසන අදාළ තරුණිය ද රැගෙන මහනුවර බස් රථයකට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (11) පෙරවරුවේ පෙරවරු 7.15 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර තිබුණා.

කෙසේ වෙතත් මෙම පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය විවාහා කර ගැනීමේ අපේක්ෂාවෙන් කලක පටන් පසු වූ මස්සිනා විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින තරුණයා මුලින් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර ඇති බව සඳහන්.

අනතුරුව සිසුවියගේ පියා සතු වෑන් රථය ඉල්ලා තිබෙන ඔහු ලක්ෂ 02ක මුදලක් ගිණුමට බැර කරන ලෙස දැනුම් දී තිබෙනවා.

එයට ප්‍රතිචාර දක්වමින් සිසුවියගේ පියා රුපියල් 50000ක මුදලක් අදාළ ගිණුමට බැරකර ඇති බව සඳහන්.

පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා සිසුවියගේ මස්සිනා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *