දළදා ප්‍රදර්ශණයට විශේෂ ප්‍රවාහන පහසුකම්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ශ්‍රී දළදා ප්‍රදර්ශනය නැරඹීමට මහනුවරට යන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පහසුකම් සැපයීමට තීරණය කර තිබෙනවා.

එය ලබන 18 වැනිදා සිට 28 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.එස්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සදහන් කළා.

දිවයිනේ සෑම ප්‍රධාන නගරයක සිට මහනුවර දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක අතරම පෞද්ගලික වාහන වල යන පිරිස් දළදා මාලිගාවට සමීපයට රැගෙන යාම සදහා මහනුවර ස්ථාන 04ක සිට වටරවුම් බස් සේවාවක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මහතා වැඩිදුරටත් පැවසුවා.

මහනුවර දළදා දැක්ම ලබන 18 වැනිදා පස්වරු 3.30ට ආරම්භ වන අතරම එදින පස්වරු 5.30 දක්වාද අනතුරුව 19 වැනිදා සිට 28 වැනිදා දක්වා 12.00 සිට පස්වරු 5.30 පැවැත්වෙනවා. 

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *