දැනුම්දීමකින් තොරව ජල සැපයුම අත්හිටුවා ඇතැයි බත්තරමුල්ල ජයන්තිපුර ජනතාවගෙන් මැසිවිලි

කිසිදු දැනුම්දීමකින් තොරව ජල සැපයුම අත්හිටුවා ඇතැයි බත්තරමුල්ල, ජයන්තිපුර ජල පාරිභෝගිකයින් පවසයි.

එලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ, පසුගිය සෙනසුරාදා සිටයි.

ඒ හේතුවෙන් සිය දෛනික කටයුතු සිදු කරගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව ඇතැයි ඔවුන් සඳහන් කළේ ය.

අප ඒ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් විමසීමක් කළේ ය.

එහි සාමාන්‍යාධිකාරී ටී භාරතීදාසන් මහතා සඳහන් කළේ, පවතින වියළි කාලගුණත් සමග එලෙස ජල සැපයුම සීමා වී ඇති බවයි.

එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සැළසීමට කණ්ඩායමක් යොමුකර ඇතැයි ද, සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, එතෙක්, එම ප්‍රදේශයට බවුසර් මගින් ජලය බෙදා හරින බවයි.

What's your reaction?

Related Posts

1 of 568

Leave A Reply

Your email address will not be published. Required fields are marked *