දියතලාවේ කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 222ක් විසිර යති

දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 222 දෙනෙකු විසිර යාමේ පෙළපාලිය ගරු ආරක්‍ෂක නියෝජ්‍යය අමාත්‍යය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.

එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) , යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතා , රාජ්‍යය නිලධාරීන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විදෙස් ආරක්‍ෂක උපදේශකවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් සහ ළඟම ඥාතීන් ද එක්ව සිටියහ.

විදෙස් රටවල් නියෝජනය කරමින් කෙන්යාව, උගන්ඩාව, ගැමිබියාව සහ සැම්බියාව යන රටවල විදේශීය හමුදා කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 10 දෙනෙකු හා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 93 බී, කෙටිකාලීන කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 21 සහ 22 හැදෑරූ කෙඩෙට් නිලධාරීන් 193 ක් සහ නිලධාරිනියන් 19 දෙනෙකු එලෙස විසිර ගියහ.

එහිදී සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි අසිපත මෙන්ම පාඨමාලා අංක 93 – B හි දක්ෂතම කෙඩෙට් නිලධාරියට හිමි සම්මානයද බලඇණි මෙහෙයුම් නිලධාරී ඩී.ආර්.පී. ජයකොඩි විසින් හිමිකරගන්නා ලදී.

කෙටිකාලීන පාඨමාලා අංක 21 හි ප්‍රථම ස්ථානය කෙඩෙට් නිලධාරී ජී.ඒ.පී. හේරත් විසින්ද කෙටිකාලීන පාඨමාලා අංක 22 හි ප්‍රථම ස්ථානය ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී කේ.එම්.එම්. හේරත් විසින්ද දක්ෂතම විදේශීය කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරවණීය යෂ්ඨිය උගන්ඩා ජනරජයේ කෙඩෙට් ලාන්ස් කෝප්‍රල් කේ හුසේන් (පාඨමාලා අංක 93-B) සහ කෙඩෙට් සැරයන් ඒ.බ්ලූනෝ (කෙටි කාලීන පාඨමාලා අංක 21) විසින්ද දිනාගත්හ.

What's your reaction?

Related Posts

1 of 803

Leave A Reply

Your email address will not be published. Required fields are marked *