දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං!

දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී, ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.​මීට අමතරව, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. එබැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,003

Leave A Reply

Your email address will not be published. Required fields are marked *