දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුද රළු විය හැකියි!

අද දිනයේ ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී (පස්වරු 2.00 න් පසු) ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ යහපත් කාලගුණයකි.​මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකීමේදී, ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ සුළු වශයෙන් වැසි ඇතිවිය හැකිය. බලපිටියේ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළඟ ඊශාන දෙසින් හෝ උතුරු දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 25-35ත් අතර වේ. කෙසේ වෙතත්, බලපිටියේ සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකිය.

What's your reaction?

Related Posts

1 of 907

Leave A Reply

Your email address will not be published. Required fields are marked *