අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම දකුණු පළාතේත්, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මීට අමතරව උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ වාර්තාව පෙන්වා දෙයි. මුහුදු ප්‍රදේශවල සුළං විවිධ දිශාවලින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 20 සිට 30 දක්වා අගයක පවතිනු ඇත. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයකින් (Slight) පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

























