දිවයිනේ ප්‍රදේශ රැසකට බලපාන පරිදි වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. මීට අමතරව, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, මාතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගවත් සුළං හැමිය හැකි බවත්, උදෑසන කාලයේදී ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී, පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 25-35 ත් අතර වන නමුත් පුත්තලම සිට මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45-50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. එබැවින් ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


























