දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හිරු පායන පැහැදිලි අහසක්!

අද දිනයේ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, පස්වරු 2.00 න් පමණ පසුව දකුණු පළාතේත්, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උදෑසන කාලයේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණයක් පවතිනු ඇත. මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ වෙනස් වන දිශාවන්ගෙන් හමන අතර, එහි වේගය පැයට කිලෝමීටර් 20-30 ක් පමණ වේ. මේ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මදක් රළු විය හැක.

What's your reaction?

Related Posts

1 of 1,029

Leave A Reply

Your email address will not be published. Required fields are marked *