දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්!

අද දිනය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, පස්වරු 2.00 න් පමණ පසුව රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මීට අමතරව, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.​දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණයක් පවතින අතර, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර හෝ ඊසාන දෙසින් හමා එනු ඇත. සෙසු මුහුදු ප්‍රදේශවල සුළං විවිධ දිශාවලින් හමන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර් 20-30ත් අතර අගයක් ගනු ඇත. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩි විය හැකි බැවින් එම ප්‍රදේශවල මුහුද විටින් විට මදක් රළු විය හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,042

Leave A Reply

Your email address will not be published. Required fields are marked *