අද (16) පස්වරු 2.00 න් පමණ පසුව මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව නැගෙනහිර පළාතේ ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර, උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.මුහුදු ප්‍රදේශ පිළිබඳ විමසීමේදී, පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇති විය හැක. එසේම පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-30 ක් පමණ වන අතර, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.


























