දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි: ඇතැම් ස්ථානවලට තද වැසි සහ තද සුළං!

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ වැසි අපේක්ෂා කරන බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර, උතුරු පළාතේ මෙන්ම මහනුවර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ තරමක තද සුළං බලාපොරොත්තු විය හැක.​මුහුදු ප්‍රදේශ පිළිබඳ සැලකීමේදී, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි අතර, කළුතර සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළඟ ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 30-40 ක් පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45-50 දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇත.

What's your reaction?

Related Posts

1 of 917

Leave A Reply

Your email address will not be published. Required fields are marked *