දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණික තත්ත්වයක්

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකලපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, වයඹ පළාතේත්, අම්පාර, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළං බලාපොරොත්තු විය හැක.​මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් සැළකීමේදී, මඩකලපුවේ සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු තීරයේ ස්ථාන කිහිපයක වැසි ඇති විය හැක. දිවයින වටා සුළං ඊසාන දෙසින් හමා එන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර 30-40ක් පමණ වේ. බාලපිටියේ සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා ඇති සෙසු මුහුදු ප්‍රදේශ මධ්‍යස්ථ ස්වභාවයක් ගනු ඇත.

What's your reaction?

Related Posts

1 of 901

Leave A Reply

Your email address will not be published. Required fields are marked *