දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණික තත්ත්වයක්

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, සවස් කාලයේදී දකුණු පළාතේත්, රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල, මාතර, මොණරාගල, මන්නාරම සහ වවුනියාව වැනි දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. මුහුදු ප්‍රදේශ සැලකීමේදී ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකි අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර් 20-40ත් අතර අගයක පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස උපදෙස් දෙනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,026

Leave A Reply

Your email address will not be published. Required fields are marked *