ගලෙන්බිඳුනුවැව දිවුල්වැව වැව් බැම් කැඩී යාමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන් මේ වනවිට එම වැව් බැම්මේ අවධානම් ස්ථාන වැලි කොට්ට අතුරා සකස් කිරීමට යුදහමුදා සෙබළුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කර ඇතැයි ගලෙන්බිදුණුවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි..
දිව්ල්වැව වැවෙහි සොරොව්ව ආශ්‍රීතව වැව් බැම්මේ ඇතිවී තිබෙන විශාල උමයක් හේතුවෙන් මේ වනවිට එම වැව් බැම්ම කැඩී යාමේ අවධානමකට ලක්ව තිබේ. අවධානමට ලක්ව ඇති දිවුල්වැව මේ වනවිට පිටාර මට්ටමට ජලයෙන් පිරී තිබේ. මේ වනවිට වැවේ සොරොව්වආශ්රිත ප්‍රෙද්ශයේ බැම්මේ ඇතිවී තිබෙන උමය හරහා පිටතට ගලා යමින් පවතී,
ගලෙන්බිඳුනුවැව වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලයේ ප්‍රකාශකයකු පැවැසූයේ මේ වනවිට වැවෙහි ඇති උමය ආශ්රිත ප්‍රෙද්ශය වැලි කොට්ට අසුරා ආරක්ෂා කිරීමටත් පවතින අවධානම සලකා බලා වැවෙහි ජල මට්ටම අඩුමට්ටමකට ගෙන ඒමටත් කටයුතු කරමින් සිටින බවයි.
දිවුල් වැව ආශ්‍රිතව මතුව ඇති මෙම අවධානම මඟහරවා ගැනීමට කැකිරාව ඉළුකේගම යුධ හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්‍රදේශයේ ගොවිසංවිධාන නියෝජිතයින් මෙන්ම වාරිමාර්ග නිලධාරීන් එක්ව මේ වනවිට වැව් බැම්මේ ඇතිවී තිබෙන උමය වසා දැමීමට කටයුතු කරමින් සිටී.
ඒ අනුව වැව් බැම්මේ පවතින අවධානම් ස්ථානයට වැලි කොට්ට ඇසුරුම් කිරීම යුද හමුදා සෙබලුන් විසින් මේ වනවිට සිදුකරමින් සිටි.